නිරුවත් වෙමු උපාධි ගමු.

නිරුවත් වෙමු උපාධි ගමු.

තම උපාධි පාඨමාලාව සම්පූර්ණ කිරීම සඳහා නිරුවත් වන්නට සිදු වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් පිළිබඳව මේ පුවත වාර්තා වන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන්.

මෙම විශ්ව විද්‍යාලයේ දෘශ්‍ය කලාව පිළිබඳ මහාචාර්ය රිකාඩෝ ඩෙමින්ගේ, තම සිසු සිසුවියන්ට පවසා ඇත්තේ, උපාධි පාඨමාලාව සම්පූර්ණ කිරීමට නම්, නිරූපණ කලාව විෂය යටතේ අවසාන පරීක්ෂණය ලෙස, නිරුවත්ව අභිනයන් ඉදිරිපත් කල යුතු බවයි.

ඔහු මෙය හඳුන්වා ඇත්තේ ‘ ස්වයං ශෘංගාර අභිනය’ ලෙස යි. මෙහි දී ඉටිපන්දම් දැල්ලකින් පමණක් ආලෝකවත් වූ අඳුරු කාමරයක් තුළ, සිසු සිසුවියන් 20ක් සමඟ තමා ද නිරුවත් වීමට නියමිත බව ද, මෙයට සහභාගී නොවන්නේ නම් අවසාන පරීක්ෂණයෙන් අසමත් වන බව ද මහාචාර්යවරයා ප්‍රකාශ කොට තිඛෙනවා.

තමන් මෙයින් මහත් සේ කම්පනයට පත්ව ඇති බවත්, තම දිය‚ය විශ්ව විද්‍යාලයට යැව්වේ මෙවැනි විකාරරූපී පරීක්ෂණයන්ට මුහුණ දීම සඳහා නොවන බවත්, සිසුවියෙකගේ මවක් C.N.N පුවත් සේවයට පවසා තිබුණා.

මහාචාර්යවරයා සහ විශ්ව විද්‍යාලය පිළිබඳව මහත් සේ ලැජ්ජාවට පත් වන බව ඇය වැඩි දුරටත් පැවසූවා. C.N.N පුවත් සේවය මහාචාර්ය ඩෙමින්ගේව දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් සිදු කල විමසීමක දී ඔහු ප්‍රකාශ කර සිටියේ, මෙම පරීක්ෂණය පිළිගත් ක්‍රමවේදයකට අනුව සිදු කෙරෙන්නක් බවත්, එය තුළ මනා ශික්ශණයක් පවතින බවත් ය.

කෙසේ වෙතත්, තම 11 අවුරුදු ඉගැන්වීම් කාලය තුළ විවිධාකාර වූ අමුතු ක්‍රියාකාරකම් රැසකට මහාචාර්ය රිකාඩෝ ඩෙමින්ගේ සම්බන්ධ වී ඇති අතර, විශ්ව විද්‍යාල ප්‍රධානීන්ගේ පරිගණකවලට අනවසරයෙන් ඇතුල් වීම වැනි සිදුවීම් ද ඊට ඇතුළත්.