අනුරාධපුර කඩ පනහ ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාව පවත්වාගෙන ගිය වසන්ත සොයිසා ප්‍රදේශයේ ජනප්‍රියව සිටියේ සටන් උපදේශකවරයෙකු ලෙසිනි. ඔහු සටන් උපදේශකයෙකුට පැවතිය යුතු විනය ආරක්ෂා කරමින්, තම පියා වූ කැලැත්තෑවේ සොයිසා නිසා ඇතිව තිබූ දෝෂදර්ශනය පවා මකාගනිමින් ජීවත්වූ පුද්ගලයෙකු බව අනුරාධපුර වාසීන් පවසන කරුණකි.
මුලින් ඔහු හෝටලයක් ආරම්භකර, ඒ සඳහා මත්පැන් බලපත්‍රයක්ද ලබාගෙන ව්‍යාපාරික කටයුතු කරගෙන යමින් සිටියදී, එම හෝටලයට ආගිය එවකට ඇමතිවරයෙකුගේ උපදෙස් මත රාත්‍රී සමාජ ශාලාව අරඹා ඇති බවයි තතු දන්නෝ පවසන්නේ. වසන්තට මේ තත්වය උදාවන්නේ ඒ ඇමතිවරයාගේ ඇසුරින් පසුව බවයි පැවසෙන්නේ.
පසුගිය ආණ්ඩුව පිරිහවීමට තරම් බොහෝ කරුණු කාරණා ඉටුකර ඇති මෙම ඇමතිවරයාට පසුගිය මහ මැතිවරණයේදී කිසිදු දේශපාලන පක්ෂයකින් නාමයෝජනා පවා ලබා දී නැහැ. රාත්‍රී සමාජශාලා වලට නිරන්තරයෙන් යන එන ආන්දෝලනාත්මක ප්‍රවෘත්ති මැවූ පුතෙකුද සිටින මෙම හිටපු ඇමතිවරයාගේ උපදෙස් අනුසාශනා පරිදි රාත්‍රී සමාජශාලා වැනි පූජා නගරයකට නුසුදුසු ව්‍යාපාරයක් නොඇරඹුවේනම් වසන්තට මෙවන් ඉරණමක් අත්නොවනු ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.