FAST NEWS

24×7 Around the Globe

රතන හිමි,චම්පික සිතල ගැටුමක්?

ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමි සහ පාඨළී චම්පික රණවක ඇමතිවරයා අතර මත ගැටුමක් නිර්මාණය වී ඇතිබව දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

චම්පික රණවක ඇමතිවරයා බලාපොරොත්තුවෙන් සිටි විදුලිබල හා බලශක්ති ඇමතිධූරය නොලැබීමත් ඔහු ජාතික දේශපාලනයෙන් ඉවත්කර බස්නාහිර පලාතට කොටුකිරීමත් නිසා ආණ්ඩුවත් සමඟ ඇති පටලැවිල්ල හේතුවෙන් ආණ්ඩුවේ පිරිස් විසින්ම රතන හිමි සමඟ චම්පිකගේ පටලැවිල්ල දිග්ගැස්සවීම සඳහා රතන හිමිට ගතු කේළම් කීම අරඹා ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් රතන හිමිගෙන් කළ විමසීමකදී එවැනි මත ගැටුමක් පවතින බව පිළිගත් අතර එකට වැඩකිරීමට එය ප්‍රශ්ණයක් නොවන බවද පැවසීය.

තමා ඇමතිධූරයක් බලාපොරොත්තු නොවුනද පිවිතුරු හෙටක් ජාතික සභාව ආණ්ඩු පෙරළිය සඳහා වැදගත් කාර්යයක් ඉටුකළ හෙයින් ආණ්ඩුවේ වැදගත් වගකීමක් පවරනු ඇතැයි අපේක්ෂා කළද එය නොලැබීම කනගාටුවට කරුණක් බවද රතන හිමි හිතවතුන්ට පවසා තිබේ.