FAST NEWS

24×7 Around the Globe

එල්.ටී.ටී.ඊ. එක වැඩියෙන් ක්‍රියාත්මක වන රටකටයි විමල් ගියේ- හිටපු නගරාධිපති බුද්ධදාස පවසයි.

විමල් වීරවංශ මහත්තයා කරලා තිබෙන්නේ දවස් 28 විතර රිමාන්ඩ් කළ හැකි වරදක්. තවත් එයා කයිවාරු ගහනවා තමන්ගේ විදෙස් ගමන වළකන්න රජය කටයුතු කළා කියලා.මම අහන්න කැමතියි මේ රටේ නීතිය ක්‍රියාත්මක වන්නේ දුප්පත් මිනිසුන්ට විතරද කියලා යැයි කඩුවෙල මහ නගර සභා‍ෙව් හිටපු නගරාධිපති ජී. එච්. බුද්ධදාස මහතා පැවැසීය.

ඒ මහතා මෙම අදහස් පළ කළේ විමල් වීරවංශ මහතා ගුවන් ගමන් බලපත්‍ර කිහිපයක් ළඟා තබා ගැනීම සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගැනීම පිළිබඳව පිළිතුරු ලෙසය.

නීතිය ක්‍රියාත්මක කරන පොලිසිය පොඩි අහිංසක මිනිහෙක් කුරුම්බා ගෙඩියක් කඩා ගත්තොත් දවස් 14ක් රිමාන්ඩ් කරනවා. මේ වගේ වංචාකාරයින්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ යැයි හෙතෙම පැවැසීය.

මේ විමල් වීරවංශ හැමදාමත් බොරු කියන කෙනෙක්. බටහිර රටවල කුමන්ත්‍රණ කිය කියා එල්.ටී.ටී.ඊ. එක වැඩියෙන් ක්‍රියාත්මක වන රටකට තමයි යන්නේ. ඉතාලියට බොරු කියන්න තමයි එයා කටයුතු කරලා තිබෙන්නේ.

මහින්ද මහත්තයා පාර්ලිමේන්තුවේ විවාදයට ආවේ නැත්තේ හදවතට එකඟව බොරු කියන්න බැරි හින්දයි. නමුත් විමල්ලා බොරු කිය කියා ජාතිවාදය අවුස්සමින් රට විනාශ කරන එකයි අද කරන්නේ.

මේ උන්නැහේව අල්ලා ගත්තු දවසේ පොලිස් සහතිකය ලබාගෙන තිබෙන්නේ පාන්දර 3.30 විතර. මේ විදිහට පාන්දර පොලිස් වාර්තාවක් ජනතාවට ලබාගන්න පුළුවන්ද? මේ රටේ නීතිය කාටත් පොදු වෙන්න ඕනෑ යැයි ද හිටපු නගරාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.