(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර පළාතට යොදවා ඇති ඇඳිරි නීතිය දීර්ඝ කරන්නේද යන්න සම්බන්ධයෙන් අවධානය යොමුව් ඇති බව යුධ හමුදාපතිවරයා පවසයි.
යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ අද සහ හෙට දිනයේ ලැබෙන PCR පරීක්‍ෂණ වල තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගැනීමට නියමිත බවයි.
යුද හමුදාපතිවරයා මේ බව පැවසුවේ අද(31) උතුර පළාතේ සංචාරයකට එක්වු අවස්ථාවේදීය.
අද දිනයේත් කොළඹ සහ ගම්පහ ප්‍රදේශ වලින් වැඩි ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වී ඇත.කළුතර ප්‍රදේශයෙන්ද සැලකිය යුතු ආසාදිතයින් පිරිසක් හමු බව යුධ හමුදාපතිවරයා පැවසීය.
කිලිනොච්චි ප්‍රදේශයට පැමිණි යුද හමුදාපතිවරයා පවතින කොරෝනා වසංගතය හමුවේ ඊට මුහුණදෙන ආකාරය සම්බන්ධයෙන් යුද හමුදාව දැනුවත් කර තිබේ.
එමෙන්ම කොරෝනා වසංගතය මැඩපැවැත්වීම සඳහා හමුදා සාමාජිකයින් දක්වන දායකත්වය එහිදී ඇගයීමකට ලක් කර ඇත.









