FAST NEWS

24×7 Around the Globe

ප්‍රංශයේ ත්‍රිපුද්ගල ඝාතනයට සම්බන්ධ පුද්ගලයා පිළිබඳ තොරතුරු රැසක්

(ෆාස්ට් නිව්ස් | ප්‍රංශය) – ප්‍රංශයේ නීස් නුවර පිහිටි කතෝලික දේවස්ථානයක් අසළ සිදුවූ පිහි ඇණුමට සම්බන්ධ පුද්ගලයා පිලිබඳ තොරතුරු හෙළි වෙයි.

එරට වාර්තා පැවසුවේ පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කළ ටියුනීසියානු ජාතිකයා මෑතකදී යුරෝපයට පැමිණි අයෙකු බවයි.

21 හැවිරිදි ඔහු සංක්‍රමණික බෝට්ටුවකින් පසුගිය මාසයේ ඉතාලියේ ලැම්පෙඩූසා ප්‍රදේශයට පැමිණ ඇති බව අනාවරණය වී ඇත.

ඉතාලි රතු කුරුස සංවිධානය ඔහුට  ලේඛනයක්ද පිරිනමා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.