FAST NEWS

24×7 Around the Globe

රාජකාරියකට ගිය බියගම පොලිස් ස්ථානාධිපති මිය යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාජකාරි කටයුත්තකට සහභාගිවී නැවත පොලිසිය වෙත පැමිණෙන අතරතුර හදිසියේ ඇතිවූ රෝගාබාධයක් හේතුවෙන් බියගම පොලිස් ස්ථානාධිපතිවරයා ජිවිතක්ෂයට පත්ව තිබේ.


ඊයේ පස්වරු 6.30 ට පමණ හදිසියේ රෝගීවූ ස්ථානාධිපතිවරයා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.

මීගමුව ප්‍රදේශයේ පදිංචි මොහු මියයනවිට 51වන වියේ පසුවිය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු  ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.