FAST NEWS

24×7 Around the Globe

චන්න – උපුලි ගත්ත ගාන හරියටම කියයි.

වසර 2010 අගෝස්තු 15 වැනිදා පැවැති හම්බන්තොට වරායේ විවෘත කිරීමේ උත්සවය වෙනුවෙන් හම්බන්තොට ඓතිහාසික කථා පුවත නැමැති රංගනයට තමන් රුපියල් ලක්ෂ 150ක් ලබාගත් බවට පැතිර යන පුවත අසත්‍යක් බවත්, එම රංගනය වෙනුවෙන් ලබාගනු ලැබුවේ රුපියල් ලක්ෂ 6,888,125 ක මුදලක් බව ප්‍රවීණ නර්තනාචාර්යවරුන් වන ච චන්න විජයවර්ධන හා උපුලි විජයවර්ධන මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඒ සඳහා මුදල් ලබාගත් ලිපි ලේඛන හා රිසිට්පත් මෙන්ම ප්‍රකාශයක්ද බරපතල වංචා දූෂණ විමර්ශන ජනපති කොමිසම වෙත තමන් සිදු කළ බවද කියා සිටී.

තමන් ප්‍රතිපත්තියක් ලෙස රජ්‍ය උත්සව වලට ඇදුම් නිර්මාණ හා නර්තන නිර්මාණ සිදුකරනු ලබන්නේ නොමිලේ බවත්, මේ උත්සවයටද තමන් විසින් ඇඳුම් හා නර්තන නිර්මාණ සිදුකරන ලැබුවේ නොමිලේ බවද අදාල නිවේදනයේ දැක්වේ.

හම්බන්තොට වරාය විවෘත කිරීමේ උත්සවයේදී තමන් රුපියල් ලක්ෂ 6,888,125 ක මුදල ලබා ගත්තේ රංගන ශිල්පීන් ශිල්පිනියන් 200ක් සහභාගිකරවීම, ඇඳුම් පැළඳුම් හා අබරණ 200ක් නිර්මාණය කිරීම, රංග භාණ්ඩ නිර්මාණය, වේශනිරූපන ශිල්පීන් හා කොණ්ඩාමෝස්තර නිර්මාණ හිල්පීන්ට ගෙවීම, ශිල්පීන්ව දෙමසක කාලයක් පුහුණු කිරීම් සිදු කිරීම, එම කාලය තුළ ඔවුන්ට ආහාරපාන, ප්‍රවාහන හා පුහුණුවීමට ශාලා මිලදී ගැනීම, ශබ්ද විකාශන මිලදී ගැනීම, හම්බන්තොටදි එක්දින පුහුණුවක් හා සංදර්ශනයක් පැවැත්වීම හා එම රංගනයට දායක වූවන්ට නවාතැන් සපැයීම හා අනෙකුත් වියදම් සඳහා බවද ඔවුන් කියා සිටී.

Channa0001Channa0002Channa0003Channa0004