FAST NEWS

24×7 Around the Globe

ස්ලෝවේනියාවේ සරණාගතයෝ සිය කූඩාරම්වලට ගිනි තබති.

සරණාගතයින් 14 දෙනෙකු රැගත් සංක්‍රමණික බෝට්ටුවක් ස්ලෝවේනියාව අසල මුහුදේ දි අතුරුදන් වී තිබේ.

අතුරුදන්වූවන් සොයා ගී‍්‍රසියේ නාවික හමුදා මේ වනවිට මෙහෙයුම් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මේ අතර ස්ලෝවේනියාවේ තාවකාලිකව සකස් කළ කූඩාරම්වල රැඳී සිටින සරණාගතයින් එම කූඩාරම්වලට ගිනි තබමින් විරෝධතාවයක නිරත වේ.

ඒ තමන්ට ආහාර ඇතුළු මූලික අවශ්‍යතා බලධාරීන් නිසි ලෙස ලබා නොදෙන බවට චෝදනා කරමිනි. තවදුරටත් තමන් මෙහි රඳවා නොගෙන වෙනත් රටකට මාරු කර යවන ලෙස ද ඔවුන් ඉල්ලා සිටී.