කොරෝනා භීතියෙන් තවත් පෞද්ගලික රෝහලක් වැසේ

කොරෝනා භීතියෙන් තවත් පෞද්ගලික රෝහලක් වැසේ

(ෆාස්ට් නිව්ස් | ගාල්ල) – අම්බලන්ගොඩ නගර මධ්‍යයේ පිහිටි පෞද්ගලික රෝහලක් අද (15ද) උදෑසන තාවකාලිකව වසා දම තිබේ.

අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය පවසන්නේ කොවිඩ්-19  ආසාදිත යැයි සැකසිතෙන රෝගියෙකු මේ රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණියේ යයි කියන ලද තොරතුරකට අනුව මෙම පෞද්ගලික රෝහල වසා දැමීමට පියවරගත් බවයි.

අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසුවේ හික්කඩුව ආරච්චිකන්ද ප්‍රදේශයේ සිට කොවිඩ්-19 රෝග ලක්ෂණ සහිත ගැබිනි කාන්තාවක් මේ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ ඇති බවයි.

ඇය PCR පරීක්ෂණ සඳහා හික්කඩුව ආරච්චිකන්ද රෝහලට යොමුකළ බවත් ඔහු පැවසීය.

ඇයගේ  එම වාර්තාව අනුව රෝහල සම්බන්ධයෙන් ඉදිරියට කටයුතු කිරීමට නියමිතය.

CATEGORIES

COMMENTS

Wordpress (0)