ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඉහළට

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවේ අපනයන ආදායම පසුගිය වසරට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බව ජූලි හා සැප්තැම්බර් මාසයේ අපනයන දත්ත සැලකිල්ලට ගනිමින් අපනයන සංවර්ධන මණ්ඩලය අනාවරණය කරයි.  

රේගු සංඛ්‍යා ලේඛනවලට අනුව, 2019 සැප්තැම්බර් මාසයේදී වාර්තා වූ අමෙරිකානු ඩොලර් මිලියන 952.1 ක වටිනාකමට සාපේක්ෂව වෙළෙඳ භාණ්ඩ අපනයන ඉපැයීම් 2020 සැප්තැම්බර් මාසයේදී 5.16 % කින් අමෙරිකානු ඩොලර් මිලියන 1,001.27 ක් දක්වා වර්ධනය වී තිබේ.

මේ ශක්තිමත් ආර්ථික පදනම ස්ථාපිතව ඇත්තේ රට තුළ සහ ගෝලීයව කොවිඩ් 19 හේතුවෙන් පවතින සීමා කිරීම් තුළ වීම විශේෂිතය.

අපනයනවල වැඩිවීම් මෙසේය ,

2019 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2020 සැප්තැම්බර් මාසයේදී යුරෝපා කලාපයට යවන ලද අපනයනයන් සමස්ත අපනයනයෙන් 20.19 % ක් වශයෙන්ද, මැදපෙරදිග රටවල් සඳහා 19.59 % ක ප්‍රමාණයක්ද, අප්‍රිකානු කලාපය සඳහා 56.4 % ක් වශයෙන් සමස්ත අපනයන බෙදා දැක්විය හැකිය.

එසේම 2020 අගෝස්තු මාසයේදී වෙළෙඳ අපනයනවලින් ලද ඉපැයීම් 2020 අගෝස්තු මාසයේදී වාර්තා වූ වටිනාකමට සාපේක්ෂව 5. 65% කින් ඉහළ ගොස් තිබේ.

“මේ වසරේදී අපනයන ඉහළ යන තුන්වැනි අවස්ථාව මෙයයි”යනුවෙන් පවසන අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ප්‍රභාෂ් සුබසිංහ මහතා වැඩිදුරටත් පවසන්නේ ‘‘කෙසේ වෙතත් මෑතදී ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ඉහළ යෑම පිළිබඳ අපි සැලකිලිමත් වන නමුත් කඩිනම් ප්‍රකෘතිමත් තත්ත්වයට පත්වීමට සහ ස්ථාවරව ව්‍යාපාර අඛණ්ඩ වර්ධනයක් කරා ඔසවා තැබීමට අපේක්ෂා කරමු.

මෙවැනි හදිසි තත්ත්වයන්ට අපගේ ව්‍යාපාර ඔරොත්තු දීමට තරම් ශක්තිමත් විය යුතුව ඇති අතර, ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවර බව සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන විදේශ විනිමය ගෙන ඒම සඳහා කැපවීමෙන් කටයුතු කළ යුතු බවත්, ඒ සඳහා කොවිඩ් 19 වැළැක්වීම සඳහා කඩිනම් පියවර තිබිය යුතුය.” යනුවෙන් වැඩිදුරටත් සඳහන් කරයි.

CATEGORIES

COMMENTS

Wordpress (0)