FAST NEWS

24×7 Around the Globe

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බාල පුතුටත් කොරෝනා

(ෆාස්ට් නිව්ස් | ඇමරිකාව) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බාල පුතු වන බැරන් ට්‍රම්ප් හට ද කොවිඩ් 19 වෛරසය වැළඳී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා තහවුරු කරයි.  

14 හැවිරිදි වියේ පසුවන බැරන් ට්‍රම්ප්ගේ තත්ත්වය අසාධ්‍ය නොවන බව මෙලානියා ට්‍රම්ප් ආර්යාව සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක පත් කිරීම වෙනුවෙන් ධවල මන්දිරයේ පැවති උත්සවයක් හේතුවෙන් ඒ ආශ්‍රිත කොවිඩ් පොකුරක් නිර්මාණය විය.

ඇමරිකානු ජනාධිපතිවරයා ද කොවිඩ් වෛරසය වැළඳී දින 3 ක් පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලැබීය. ඔහු මේ බව විට සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු වලද නිරත වෙයි.