දෙහිවල බීච් පාටිය කොට උඩ…..

දෙහිවල බීච් පාටිය කොට උඩ…..

දෙහිවල ප‍්‍රදේශයේ පැවැත්වුණු වෙරළ සාදයක් සුරාබදු නිලධාරීන් විසින් වටලා තිබේ . ඉකුත් 23 වනදා සවස 5ට ආරම්භ වී ඇති මෙම වෙරළ සාදය ඊයේ දහවල් 12 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබුනි. ෆේස්බුක් සහ අන්තර්ජාලයේ තවත් උපක‍්‍රම කිහිපයක් මගින් මේ පිළිබඳ ප‍්‍රවර්ධන කටයුතු සිදු කර ඇති අතර ඇතුල්වීම සඳහා එක් අයෙකුගෙන් අය කර ඇති ගාස්තුව රුපියල් 1500කි. සෑම ප‍්‍රවේශපත‍්‍රයක් සඳහාම බීර ටින් එකක් නොමිලේ ලබාදීමට ද සංවිධායකයන් කටයුතු කර තිබුනි.
මත්පැන් මත්ද්‍රව්‍ය මෙලෙස ප‍්‍රවර්ධනය කිරීම මත සුරාබදු දෙපාර්තමේන්තුව ඉකුත් 23 වනදා රාතී‍්‍රයේ අදාළ වැටලීම සිදු කර තිබෙනවා. ඒ වන විට සාදය පැවැති භූමියේ 3000ක පමණ පිරිසක් රැඳී සිට ඇති බවත් තවත් 2000ක පමණ පිරිසක් සාදයට ඇතුළුවීම සඳහා පිටත රැඳී සිට තිබෙනවා.

මත් පෙති ළඟ තබාගෙන සිටි දෙදෙනෙකු, කේරළ ගංජා ළඟ තබාගෙන සිටි 8 දෙනෙකු සහ රටබීම ළඟ තබාගෙන සිටි 3 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 13 දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගැනුණා. අදාළ මත්පෙත්තක් මෙම සාද භූමියේදී අලෙවි කර ඇත්තේ රුපියල් 3000කටයි. අත්අඩංගුවට ගත් සියලූ දෙනා වයස අවුරුදු 17ත් 20ත් අතර පසුවන්නන් වන අතර ඔවුන් ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.