FAST NEWS

24×7 Around the Globe

අධිවේගී මාර්ගයේ බස් හිමිකරු,රියදුරුට සහ කොන්දොස්තරට කොරෝනා ඇති බව සෞඛ්‍ය අංශය කියයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මතුගම ප්‍රදේශයේ සිව් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව හෙළිව තිබේ.

මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ මතුගම බදුගම සිරිකඳුර ප්‍රදේශයේ පදිංචි අධිවේගී මාර්ගයේ ධාවනය වන සුඛෝපභෝගී බස් රථයක හිමිකරුවෙකු සහ එම බස් රථයේ කොන්දොස්තරවරයාත්,එම බස්රථයේ රියදුරු වන මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු වන බවයි.

එසේම පැලවත්ත ප්‍රදේශයේ පදිංචි කොළඹ ජාතික රෝහලේ සේවයේ නිරත හෙදියක් මෙසේ කොරෝනා ආසාදනයවී ඇති බව හෙළිවී තිබේ.

එම බස්රථයේ හිමිකරුගේ බිරිඳ සේවය කරන මතුගම පිහිටි පුද්ගලික බැංකුවක් විෂබීජහරණය කර එහි කාර්ය මණ්ඩලය නිරෝධායනයට යොමුකිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇති අතර PCR පරීක්ෂණ වලින් පොසිටිව් වූ පිරිසගේ ආශ්‍රිතයන් PCR පරීක්ෂණ සඳහා යොමුකිරීමටත් කටයුතු යොදා ඇත.

මේ අතර පැලවත්ත නගරයේ සතිපොළ සහ වෙළඳසල් කීපයක් වසාදැමීමටත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල පියවර ගෙන තිබේ.