FAST NEWS

24×7 Around the Globe

නිරෝධායනයේ සිටි රැඳවියන් පිරිසක් පලා යාමට උත්සහ කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බෝගම්බර පැරණි බන්ධනාගාර පරිශ‍්‍රයේ නිරෝධායනය සඳහා යොමු කර තිබූ රැදවියන් පිරිසක් පලායාමට උත්සාහ දරා තිබේ.

මෙහිදී බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තබා එම උත්සාහය ව්‍යවර්ථ කර ඇත.

එම රැදවියන් බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකුටද පහර දී පළා යාමට උත්සාහ කර ඇතැයි පොලිසිය පවසයි.

මේ හේතුවෙන් බන්ධනාගා පරිශ්‍රය පෙරේදා (12) රාත්‍රියේ ඉතා උණුසුම්කාරී තත්ත්වයක් මතුව තිබේ.

රැදවියන්ගෙන් පහරකෑමට ලක් වූ බන්ධනාගාර නිලධාරියෙකු මේ වන විට මහනුවර රෝහලට ඇතුළත් කර ඇත.

මෙසේ පහර දී පළා යාමට උත්සාහ කර ඇත්තේ බන්ධනාගාර ගත කර සිටම නිරෝධායනයට යොමු කර තිබූ මත්ද්‍රව්‍ය සහ වෙනත් අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ රැඳවියන් පිරිසකි.