FAST NEWS

24×7 Around the Globe

පොත් ප්‍රදර්ශනයට ගිය තවත් අයෙකු කොරෝනා ආසාදිතයෙකු බව හෙළි වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ගල්කිස්ස පිරිවෙන පාරේ පදිංචි පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනාගෙන තිබේ.

ඔහු කොල්ලුපිටිය Brandix ආයතනයේ කලමණාකාරවරයෙකි.

ඔහුගේ බිරිද කළුබෝවිල රෝහලේ සේවය කරන වෛද්‍යවරියක් වන අතර ඇය මේදිනවල ප්‍රසූති නිවාඩු ලබා සිටි.

මෙම පුද්ගලයා පසුගිය 27 වන දින BMICH හි පැවැති පොත් ප්‍රදර්ශනය සදහා ගොස් ඇති බවද හෙළිව ඇත.