FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් රෝගියා තැබූ සංවේදී සටහන

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වන විට කොවිඩ් වෛරසය ආසාධනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයෙකු සිය මුහුණු පොතේ  ඉතා සංවේදී සටහනක් තබා තිබේ.

ඔහු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ මානව සම්පත් කළමණාකරණ අංශයේ රැකියාවේ නිරත වන පුද්ගලයෙකු වන අතර ඔහු දැනට රඹුක්කන රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අනාවරණයක් කර ඇත්තේ කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවන් වන තමන් කොවිඩ් -19 ආසාදිත බව නොදැනුවත්කමින් අම්බලන්ගොඩ බටපොළ කිරිමැටිය ප්‍රදේශයේ පිහිටි නිවසකට ගිය බවත් එහිදී ඔහු එම ප්‍රදේශයේ වෙළෙඳසැලකට සහ නිවාස තුනකට ගිය බවත් ය.

ඔහු පසුගිය 03 වැනිදා ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක පැවැති බෝධි පූජා පිංකමකටද ඔහු සහභාගී වූ බව එහි සඳහන් වේ.

එසේම පසුගිය 02වැනි දා කොක්මාදූව හරහා සහ අධිවේගී මාර්ගයෙන් ගාල්ලටත්, මාතර – කොළඹ බස් රථයකින් කහව ප්‍රදේශයටත් පැමිණ තිබේ..

තමාට කොවිඩ් ආසාදනය වී තිබුණු බවට දැන සිටියේ නම් තමා හැදුණු වැඩුණු ගමවන බටපොලට කිසි විටෙකත් නොඑන බවත් ඉන් සිදුවූ අපහසුතාව පිළිබඳව බටපොල ජනතාවට කණගාටුව පළ කරන බවත් සඳහන් කරයි.