සංචාරක දකුණු අප්රිකානු කණ්ඩායම සමග පැවැත්වෙන එක්දිනා ක්රිකට් තරගාවලියේ සිව්වැනි තරගය ලකුණු 35කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 8ක් දැවී ලකුණු 299ක් රැස්කර ගත්තා. එහිදී ප්ර වේගකාරී පිතිහරඹයක නිරත වූ විරාත් කෝලි ලකුණු 138ක් රැස්කර ගැනීමට සමත්වුණා. මීට අමතරව සුරේශ් රෙයිනා ලකුණු 53ක් ලබාගත්තා. පන්දු යැවීමේදී ඩේල් ස්ටේයින් සහ කාගිසෝ රබඩා කඩුළු 3 බැගින් දවාගත්තා.
අනතුරුව පිළිතුරු ඉනිම ක්රීඩා කළ දකුණු අප්රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුළු 9ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 264ක් පමණයි. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ඒ.බී. ඩිවිලියර්ස් පන්දු 128කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර 10ක් සමගින් ලකුණු 112ක් ලබාගත්තා. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් බුවනේශ්වර් කුමාර් කඩුළු 3ක් දවාගත්තා.
ලකුණු පුවරු පහතින්…








