FAST NEWS

24×7 Around the Globe

නිරෝධායනයට රැගෙන ගිය කාන්තාවක් මිය යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුලත් කළ යක්කල ප්‍රදේශයේ කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව තිබේ.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන නිවේදනය කළේ මෙම කාන්තාව ගේ දියණියට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වී ඇති බවයි.

මියගිය කාන්තාව නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කිරීමෙන් පසුව ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

අදාළ කාන්තාව නිරෝධායන සඳහා රැගෙන ගිය බස් රථයේදී ම මිය ගොස් තිබේ

ඇය ගම්පහ, උඩුපිටිය, වරාපලාන ප්‍රදේශයේ පදිංචිව සිටි 64 වියැති කාන්තාවක් බව පොලිසිය සඳහන් කරයි.

මිය ගිය කාන්තාවගේ මළ සිරුර PCR පරීක්ෂණයට භාජනය කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිකන්ද පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.