FAST NEWS

24×7 Around the Globe

හෙපටයිටීස් සී වෛරසය සොයා ගත් විද්‍යාඥවරුන්ට නොබෙල් ත්‍යාගය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇමරිකානු වෛද්‍ය විද්‍යාඥවරුන් වූ හාවි ඕල්ටර්, චාල්ස් රයිස් සහ බ්රි‍තාන්‍ය ජාතික විද්‍යාඥ මයිකල් හවුටන් වෙත නොබෙල් ත්‍යාගය පිරිනැමීමට ස්වීඩනයේ නොබෙල් ත්‍යාග කමිටුව තීරණය කරයි.

ඒ ඔවුන් විසින් හෙපටයිටීස් සී, වෛරසය සොයා ගැනීම හේතුවෙන්.

මෙම හෙපටයිටීස් සී වෛරසය රුධිරය ආශ්‍රිතව හට ගනී.

එය සොයා ගැනීමෙන් සිරෝසිස් සහ අක්මා පිළිකා ඇතුළු රෝග රැසකට ප්‍රතිකාර කිරීම සඳහා විශාල පිටිවහලක් වනු ඇති බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.