FAST NEWS

24×7 Around the Globe

දිවුලපිටියේ කාන්තාව සමග සේවය කළ සේවිකාවක් මොණරාගලින් හමුවේ

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) –  ඊයේ (04) දිනයේ දී දිවුලපිටිය ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිත වූ කාන්තාවගේ ආශ්‍රිතයෙකු මොණරාගල ප්‍රදේශයට පැමිණ ඇති බවට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි.   

අදාළ සේවිකාව මොණරාගල ප්‍රදේශයට පැමිණ ඇති අතර ඇය මොණරාගල බස්නැවතුම්පොළ, ඉරිදා පොළ, කච්චේරි හන්දිය සහ රජයේ බැංකුවකට ගොස් ඇති බවට හෙළිව ඇති බ ව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් ශබ්ද වාහිනී යන්ත්‍ර මගින් ප්‍රදේශයේ ජනතාවට දැනුවත් කිරීමට කටයුතු කළ බව ද සෞඛ්‍ය නිලධාරීන් සඳහන් කරයි.

මෙම සේවිකාවගේ PCR පරීක්ෂණ සඳහා වන ජෛව සාම්පල් පටල ලබා ගෙන තිබෙන බවත් එහි ප්‍රථිපල අද පස්වරුව වන විට ලැබීමට නියමිත බවත් ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් පවසයි.