FAST NEWS

24×7 Around the Globe

ආණමඩුව ප්‍රදේශයේ තරුණයෙක්ට තුන්වරක්ම කොරෝනා ආසාදනය වෙයි

(ෆාස්ට් නිව්ස් | පුත්තලම) – ආණමඩුව තෙන්නන්කුරියා ප්‍රදේශයේ තරුණයෙකුට තෙවරක්ම කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.  

23 හැවිරිදි අදාළ තරුණයා කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනාගෙන ඇත්තේ ඩුබායි රාජ්‍යයේ රැකියාවකට ගොස් පසුගිය අගෝස්තු මස 18 දින ශ්‍රී ලංකාවට පැමිණ පළමු වරට වැලිකන්ද කොරෝනා රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදීයි.

සිය මව සමඟ නිවසේ නිරෝධායනයට ලක්වෙමින් සිටියදී දෙවන වරට යළි රෝග ලක්ෂණ පහල කිරීමේන් පසු සැප්තැම්බර් 17 දින අසණීපව සිටියදී හලාවත රෝහලේ කොවිඩ් ඒකකයට ඇතුළත් කර ඇති බව කියයි.

එහිදි දෙවන වරට සිදුකල PCR පරීක්ෂණ වලදී නැවතත් කෝවිඩ් ආසාදිතයෙකු බව සනාථ වී තිබුණි.

ඒ අනුව මෙම තරුණයා ඉරණවිල කොවිඩ් රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබා නැවත යළි නිවසට පැමිණ ඇත.

ඉන්පසුව නැවතත් ඔක්තෝම්බර් 02 දින සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටියදී යළිත් අසණීපව හලාවත මහ රෝහලේ කොවිඩ් ඒකකයට යවා තිබුණි.

එහිදි නැවත මෙම තරුණයා PCR පරීක්ෂණ වලට යොමු කිරීමෙන් පසුව තුන්වන වරට ද කොවිඩ් 19 ආසාදිතයකු ලෙස මෙම තරුණයා වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සනාථ කර තිබුණි.