FAST NEWS

24×7 Around the Globe

ඇමති වාසු රජයට විරුද්ධ වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා රජයේ තීරණයට පටහැනිව කටයුතු කිරීමට සූදානම් වේ.

තමන් මහජන දිනය පවත්වන්නෙ සතියේ සෑම බදාදා දිනකම බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කර තිබේ.

ඒ ඔහු තම නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.

පාර්ලිමේන්තු දිනයන් නොවන සෑම බදාදාවකම මෙය ක්‍රියාත්මක වන බවද ඔහු පවසයි.

ඒ අනුව සදුදා දිනයේ මහජන දිනය පැවැත්වෙන්නේ නැතැයිද ඔහු එම සටහනේ දක්වා ඇත.

පසුගියදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දැනුම් දී තිබුණේ සියලුම ඇමතිවරුන් සදුදා දිනයේ මහජන දිනය පවත්වන ලෙසය.