(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා සමය තුළ රථ වාහන මෙරටට ආනයනය කිරීම තහනම් කළ අතර එය තවදුරටත් ක්‍රියාත්මක වේ.
නමුත් එම කාලයේදී නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කළ රථ වාහන 300කට අධික සංඛ‍්‍යාවක් රේගු භාරයට ගෙන තිබේ.
පසුගිය මාස කිහිපය තුළ එම රථ වාහන මෙරටට ආනයනය කර ඇති අතර ඒවායේ ණයවර ලිපි නිසි කළට විවෘත කර නොමැති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි.
රට තුළ පැවැති වාතාවරණය තුළ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම රජය විසින් සීමා කරනු ලැබීය.
මෙලෙස නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කළ රථ වාහන අතර රජයේ සේවකයින්ට ලබාදී ඇති තීරුබදු රහිත පහසුකම යටතේ මෙරටට ආනයනය කළ සුඛෝපබෝගී මෝටර් රථ කිහිපයක් ද වන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මේ පිළිබඳ පරික්ෂණ බොහෝදුරට අවසන් කර ඇති බව පැවසූ සුනිල් ජයරත්න මහතා කියා සිටියේ රට තුළ පවතින නීතිමය තත්ත්වය තුළ එම රථ වාහන රාජසන්තක කිරීම හෝ කළ හැකි බවයි.









