FAST NEWS

24×7 Around the Globe

රජය සතු කහ වලට කරන්න යන දේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද කහ විශාල තොගයක් මේ වනවිට රාජසන්තක කර තිබේ.

එම කහ තොග සතොස සහ සමුපකාර සමිති මගින් ඒවා වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බව කුඩා වැවිලි භෝග වගා සංවර්ධන ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

නීතිවිරෝධිව අපනයන කරන ලද කහ කිලෝග්‍රෑම් 10 ලක්ෂ 68 දහස් 314  (1,068,314) ඇත.

ඒ අනුව ඉදිරි දෙසැම්බර් මාසය දක්වා රටේ කහ අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට මෙම කහ තොගය භාවිත කළ හැකි බවත් එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මෙරට වාර්ෂික කහ පරිභෝජනය මෙට්‍රික් ටොන් 7500ක් වුවද, මෙරට නිෂ්පාදනය කෙරෙන්නේ මෙට්‍රික් ටොන් 1200ක් පමණ වේ.

මෙරට වගා කරන ලද කහ අස්වනු ජනවාරි මාසයේදී ලැබීමට නියමිත බවත්, ජනවාරි මාසයෙන් පසු රට තුළ කහ අර්බුදයක් උද්ගත නොවනු ඇතැයිද රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර පැවසුවේය.