FAST NEWS

24×7 Around the Globe

හොර රහසේම මත්තලින් විදේශිකයින් රටට ගෙන්වලා.රට අවධානමේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය දින වල විදේශ ගුවන්යානාවලින් මෙරටට පුද්ගලයන් රැගෙනවිත් ඇති බවට තොරතුරු හෙළිව තිබේ.

මේ නිසා මින් ඉදිරියට කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයට නොදන්වා විදේශ ගුවන්යානාවලින් මෙරටට පුද්ගලයන් රැගෙන ඒම තහනම් බව සිවිල් ගුවන් සේවා අධිකාරියට දැන්වූ බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පුවත්පතකට සඳහන් කර ඇත.

මත්තල ගුවන් තොටුපොළේ නිලධාරීන් කොවිඩ් මධ්‍යස්ථානයට හෝ සෞඛ්‍ය නිලධාරීන්ට නොදන්වා මත්තලට පැමිණි රුසියානු ගුවන්යානයක කාර්ය මණ්ඩලයේ පහළොස් දෙනකු මාතර, පොල්හේනේ හෝටලයක නවත්වා සිටියදී බාහිර සමාජයට ගිය අයකුට කොවිඩ් වැලඳී ඇතැයි හෙළිව තිබේ.

මින් පසුවයි අදාළ තීරණය දැනුම් දී ඇත්තේ.

කොවිඩ් මධ්‍යස්ථානයට නොදන්වා මත්තල ගුවන් තොටුපොළින් හය වතාවක් මේ අයුරින් විදේශ ගුවන්යානාවල පැමිණි පිරිස් හිතවතුන්ගේ වාහනවලින් හිතවත් හෝටල්වල නවත්වා ඇතැයි දැනට කරන විමර්ශනවලදී හෙළිවී ඇති බව වාර්තා වේ.

මින් ඉදිරියටත් විදෙස් රටවලින් පැමිණෙන අය රඳවා තැබිය හැක්කේ ත්‍රිවිධ හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථානවල පමණක් බව ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අවධාරණය කරයි.