(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව වාර්තා වන මරණ සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගොස් තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත වෛද්‍ය මයික් රයන් මාධ්‍යවේදීන් හමුවේ පවසා ඇත්තේ කොරෝනා වසංගතයට එරෙහිව සාර්ථක එන්නතක් භාවිතයට ගැනීමේ හැකියාව ලැබෙන විට අවම වශයෙන් ලොවපුරා මිලියන 02ක ජනතාවක් වෛරසයෙන් ජිවිතක්ෂයට පත්විය හැකි බවයි.
ලෝක සෞඛ්‍ය වාර්තා දත්ත අනුව මෙතෙක් වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1,000,202ක් වේ.
ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේදී චීනයේ වුහාන් නගරයෙන් ආරම්භ වූ මෙම නව වෛරසය මෙම වසරේ මාර්තු මාසයේ සිට ලොව පුරා සිඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය එය ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස නම් කරනු ලැබීය.
දැනට ලොව රටවල් රැසක් මෙම වසංගත තත්ත්වයෙන් පිඩාවට පත්ව ඇති අතර ඊට ගොදුරු වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 33,177,416කි.
ඒ අතර සුවය ලැබූ පිරිස 24,504,931ක් වේ.
මේ වන විට ලොව වැඩිම කොරෝනා රෝගීන් සහ මරණ සංඛ්‍යාව වාර්තා වන රට ලෙස ඇමෙරිකාව ඉදිරියෙන් සිටී. එරටින් මේ වන විට වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 7,294,032 ක් වන අතර මරණ සංඛ්‍යාව 209,236ක් වේ.
මේ වන විට කොරෝනා වෛරසයේ ලොව කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව මිලියන 06 අද ඉක්මවවා තිබේ.
ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 6,041,638 ක් වන අතර මරණ සංඛ්‍යාව 94,971ක් වේ.









