FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් මරණ ගණන තවත් ඉහළ යන බවට අනතුරු ඇඟවීම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සාර්ථක එන්නතක් නිපදවන තුරු කොවිඞ් මරණ සංඛ්‍යාව ලක්ෂ 20 ක් පමණ දක්වා ඉහළ යනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි.

මෙලෙස ඉහළ මරණ අගයක් වාර්තා වන්නේ නිසි ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයක් නොමැතිවීම හේතුවෙන් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි ප්‍රතිචාර ඒකකය පවසයි.

එහි ප්‍රධානී වෛද්‍ය මයික් රයන් මහතා කියාසිටියේ මේ වනවිට ලොව පුරා කොවිඞ් ආසාධිතයන් තුන් කෝටි 27 ලක්ෂ 52 දහසකට වැඩි පිරිසක් සටහන්වී ඇති බවයි.

මේ වන විය මරණ ගණන 09 ලක්ෂ 92 දහස ඉක්මවා ගොස් තිබේ.