FAST NEWS

24×7 Around the Globe

ඇවිෆාවීර් රටවල් 17කට බෙදා හරී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුසියාව විසින් නිෂ්පාදනය කළ කොරෝනා වෛරස් ප්‍රතිකාර ඖෂධය වන ඇවිෆාවීර් මේ වනවිට රටවල් 17 ක විකිණීමට ඇති බව වාර්තා වේ.

ප්‍රතිවෛරස් ඖෂධයක් වන අවිෆාවීර් යනු පළමු ලියාපදිංචි ෆාවිපිරාවිර් පදනම් කරගත් නව කොරොනා වෛරස ඖධය මෙන්ම රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා රුසියාවේ අනුමත කරන ලද පළමු ඖෂධයයි.

ආර්ජන්ටිනාව, බල්ගේරියාව, බ්‍රසීලය, චිලී, කොලොම්බියාව, ඉක්වදෝරය, එල් සැල්වදෝරය, හොන්ඩුරාස්, කුවේට්, පැනමාව, පැරගුවේ, සවුදි අරාබිය, සර්බියාව, ස්ලොවැකියාව, දකුණු අප්‍රිකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ උරුගුවේ යන රටවල් මෙම ඖෂධය ලබා ගනී.

මීට පෙර බෙලාරුස්, බොලිවියාව, කසකස්තානය, කිර්ගිස්තානය, ටර්ක්මෙනිස්තානය සහ උස්බෙකිස්තානය යන රටවල් ඖෂධය ලබාගෙන තිබුණි.

සායනික අත්හදා බැලීම්වලින් පසු අවිෆාවීර් මැයි 29 වන දින රුසියානු සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලියාපදිංචි සහතිකයක් ලබා ගත්තේය.