(ෆාස්ට් නිව්ස් |මාතර) – මාතර හක්මන ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයකු හා සීමාවාසික ගුරුවරියක විසින් සිය විවාහ මංගල්‍යයට පෙර සිදුකරන ප්‍රි ෂූට් එක සඳහා එම පාසල යොදා ගැනීම සම්බන්ධයෙන් වන පුවතක් වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් එම පාසලේ ආදි ශිෂ්‍ය සංගමය හා දෙමාපිය සංගමය දැඩි විරෝධය පළ කර ඇත.
එම ගුරුවරයාගේ හා ගුරුවරියගේ විවාහ මංගල උත්සවය පෙර්දා (23) පවත්වා තිබෙන අතර එහි ප්‍රී ෂූට් එකේ ඡායාරූප අදාළ ඡායාරූප ශිල්පියා විසින් ෆෙස්බුක් සමාජ ජාලයට එක් කරනු ලැබීමත් සමග මෙම විරෝධය හටගෙන ඇත.
එම පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති ප්‍රසන්න කොඩිකාර මහතා සඳහන් කර ඇත්තේ මෙම සිදුවීම සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයා හා දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුවත් කර ඇති බවයි.
ඒ පිළිබඳව අදහස් දැක්වූ ඒ මහතා ,
“එම ගුරුවරයා අපේ පාසලට අනුයුක්ත ගුරුවරයෙක්. ගුරුවරිය මේ පාසලේ සීමාවාසිකව සේවය කළ කෙනෙක්. මේ දෙදෙනාම පාසල් දරුවන් හොඳින් අඳුනනවා. ඔවුන් පාසල් නිවාඩු දිනයක තමයි පාසල තුළ මේ ප්‍රී ෂූට් එක කර තිබෙන්නේ. මේකට විදුහල්පතිනියගේ අනුදැනුමක් තිබිය යුතුයි. නමුත් ඒක අපිට අනුමත කරන්න බෑ.” යනුවෙනි.









