FAST NEWS

24×7 Around the Globe

කවුද මේ රාජ්‍ය ඇමති

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – යාල ජාතික වනෝද්‍යානයේ බංගලාවක මත්පැන් පානය කරමින් රැය පහන් කරමින් කෑගසමින් වනසතුන් ගේ නිදහසට බාධා වන ලෙස හැසුරුණු රාජ්‍ය ඇමතිවරයෙකු සහ තවත් 40 ක පමණ පිරිසක් පිළිබඳව තොරතුරු වාර්තාවේ.

බව පරිසරවේදීන් චෝදනා කරන්නේ එම පිරිස රැය පහන් වන තුරු මත්පැන් සාද පවත්වා වනාන්තරය තුල වාහන ධාවනය කර ඇති බවයි.

මෙම බංගලාවක නවාතැන් ගත හැකි උපරිම පිරිස දස දෙනකු වුවත් මෙහි බස් රථයකින් පැමිණි 40 ක පමණ කණ්ඩායමක් නතර වී සිට ඇතැයිද තොරතුරු වාර්තාවේ.

කෙසේ නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට මෙතෙක් වාර්තා වී නොමැති බව ඔහු සදහන් කරයි.