(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළඹෙන පළාත් සභා මැතිවරණයට පෙර එක්සත් ජාතික පක්‍ෂයේ තවත් පිරිසක් සමඟි ජනබලවේගය සමඟ එක්වීමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තාවේ.
පවත් වීමට නියමිත පළාත් සභා මැතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරුන් විශාල පිරිසක් මෙලෙස සමඟි ජනබලවේගයට එක්වීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව ඔවුන් ඉදිරි මැතිවරණයේදී සමඟි ජනබලවේගය යටතේ පළාත් සභා මැතිවරණයට තරඟ වැදීම ඔවුන්ගේ අපේක්‍ෂා කර තිබේ.
මේ සම්බන්ධයෙන් වූ මූලික සාකච්ඡා මේ වන විටත් සිදුකර අවසන් බව වාර්තා වේ.
ඇතැමුන් ඔවුන්ගේ තීරණය එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම්වරයා වෙත මේ වන විටත් දැනුම්දී ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරයි.









