FAST NEWS

24×7 Around the Globe

සය මසකට පසු ටජ්මහල නැවත විවෘත වෙයි

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය මාර්තු මස සිට වසා දමා තිබූ ටජ්මහල් මන්දිරය නැවත විවෘත කර ඇත. 

දිනකට සංචාරකයින් 5,000 කට (Online) ක්‍රමවේදය ඔස්සේ ප්‍රවේශපත්‍ නිකුත් කිරීමට තීරණය කර ඇති අතර , එසේ ප්‍රවේශපත්‍ර ලබාගන්නා පුද්ගලයින්ව අවස්ථා දෙකකදී 2,500 බැගින් “ටජ් මහල” නැරඹීමට ඇතුළු කර ගැනීමට නියමිතය.

වසංගතය පැතිරීමට පෙර දිනකට 70,000 දහසකට ආසන්න සංචාරක පිරිසක් ටජ්මහල් නැරඹීමට පැමිණ ඇති අතර ,

මෙය ද නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම වේදයන් අනුව සිදු වෙයි

ටජ්මහල් බලධාරීන් දැනුවත් කරනුයේ සැම විටම සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙසයි.

ඒ අනුව, “ටජ් මහල” සංචාරකයින්ට සම්පූර්ණ ලෙස විවෘත වන්නේ මාස 06 කට පසුවය