FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය හා කැබිනට් අමාත්‍යාංශය රැසක වෙනස්කම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ත්මන් කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ 28ක වෙනස්කම් කිහිපයක් කිරීමට රජය සූදානම් වෙයි.

ඒ එම අමාත්‍යාංශවල ආයතන, විෂයයන් සහ නම් වල වෙනස් කිරීමයි.

මේ අනුව ඇතැම් කැබිනට් අමාත්‍යාංශ විෂයන් රාජ්‍ය අමාත්‍යංශ වලටත්, රාජ්‍ය අමාත්‍යාංශ අතර ආයතන මාරුවීමට මෙන්ම ඇතැම් රාජ්‍ය අමාත්‍යාංශවලට අලුත් නමක් හඳුන්වාදීමටත් යෝජනා වී තිබේ.

මෙම වෙනස්කම් ලබන සතියේ දී සිදුකිරීමට  ඇතැයිද වාර්තාවේ.

ඊට අමතරව තවත් සුළු වෙනස්කම් කිහිපයක් ද සිදු වනු ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.