FAST NEWS

24×7 Around the Globe

ඉහළ යන පොල් මිල පාලනය කිරීමට නව වැඩපිළිවෙලක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මේ දිනවල සීග‍්‍රයෙන් ඉහළ යමින් ඇති පොල් මිල පාලනය කිරීම සදහා ආණ්ඩුව නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.  

එහි එක් අදියරක් ලෙස පොල් අස්වැන්න වැඩි කිරීම සිදුකරන අතර , ඒ සදහා පුරන් කුඹුරු සහ රජයේ ඉඩම්වල පොල් වගා කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

මේ වන විට වෙළෙදපොළේ පොල් ගෙඩියක් අලෙවි වන්නේ රුපියල් 85 ත් 95 ත් අතර අධික මිලකටයි.

පොල් අස්වැන්න අඩු වීම හේතුවෙන් පොල් මිල ඉහළ ගොස් ඇති බව පොල් වෙළදුන් සඳහන් කරයි.