FAST NEWS

24×7 Around the Globe

අද මැදියම් රැයේ සිට ඇමරිකාවේ ටික්ටොක් සහ වී – චැට් තහනම් කරයි

(ෆාස්ට් නිව්ස් | ඇමරිකාව) – චීනය විසින් හිමිකාරීත්වය දරණ ටික්ටොක් සහ වී – චැට් යන ජංගම දුරකථන ඇප්ලිකේෂන අද (19) මධ්‍යම රාත්‍රියේ සිට ඇමෙරිකාව තුළ භාගත කිරීම ඉවත් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර ඇත.   

එම තහනමත් සමග අමෙරිකානුවන් හට ටික් ටොක් හා වී චැට් යෙදුම් බාගත කිරීමට හෙවත් ඩවුන්ලෝ්ඞ් කිරීම නොහැකි වන අතර ඒවා හරහා පණිවිඩ යැවීම සහ වීඩියෝ බෙදාගැනීමට ද හැකියාවක් නොමැත.

මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ට‍්‍රම්ප් පරිපාලනය පවසන්නේ ටික් ටොක් සහ වී චැට්, ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවයි. එසේම ඒවා හරහා චීනය වෙතට තොරතුරු ගලා යෑමක් සිදුවන බව ද අමෙරිකාවේ මතයයි.

කෙසේවෙතත් මෙම සියලු චෝදනා චීනය තරයේ ප‍්‍රතික්ෂේප කරන බව විදෙස් වාර්තා පවසයි

මේ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට වී-චැට් ඇප්ලිකේෂනය අමෙරිකාව තුළ සම්පූර්ණයෙන්ම භාවිතය අත්හිටුවෙන අතර නොවැම්බර් 12 වනදා තෙක් ටික්ටොක් ඇප්ලිකේෂනය භාවිත කිරීමට අවස්ථාව පවතිනවා.