(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශරීරය වැඩි වශයෙන් නිරාවරණය වන ඇඳුම් අඳින කාන්තාවන් සඳහා දඩ නියම කිරීමේ නව නීතියක් ගෙන ඒමට සුදානම් වේ.
මෙම තීරණට ගෙන ඇත්තේ කාම්බෝජ ආණ්ඩුව විසිනි.
එම නීතිය මේ වන විට කෙටුම්පත් කරනු ලැබ ඇති බව වාර්තා වීමත් සමග එරට කාන්තාවන් ඊට දැඩි විරෝධයක් පළ කර තිබේ.
මෙම විරෝධය දැඩි වී ඇත්තේ එම නීති කෙටුම්පතට එරෙහිව එරට 18 හැවිරිදි මොලිකා ටෑන් නමැති තරුණිය ඉන්ටර්නෙට් හරහා පෙත්සමක් ආරම්භ කිරීමත් සමගය.
එම නීතිය බලාත්මක වුවහොත් “බෙහෙවින් කෙටි සහ වැඩිපුර ශරීරය නිරාවරණය වන” ඇඳුම් ඇඳීම කාම්බෝජයේ වෙසෙන කාන්තාවන්ට තහනම් වනු ඇති අතර පුරුෂයින්ට උඩුකය නිරාවරණව සිටීම ද තහනම් වනු ඇත.









