FAST NEWS

24×7 Around the Globe

අවුරුදු 65 ආච්චියෙකුට සිව් නිවුන් දරු උපතක්

 

පුංචි පවුල රත්තරන් කියන අද කාලේ ළමයින් 13ක් හදනවා කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. ඒත් ජර්මනියේ ඉන්න ඇනාග්රේට් රාවුනිග්ක් ට නම් ළමුන් 13 ක් නෙමෙයි 17ක් වුනත් වැඩි නැතිලු.

ඇනාග්රේට් නිකන්ම කාන්තාවක් නෙමෙයි. ඇය අවුරුදු 65 ක් වයස ආච්චි අම්මෙකුත් වෙනවා.
ඇය පසුගියදා සිවු නිවුන් දරුවන්ට උත්පත්තිය ලබා දුන්නා.

සිවු නිවුන් දරුවන් බිහිකළ ලොව වයස්ගතම කාන්තාව වෙන්නේත් ඇනාග්රේට්.
මෙවර ඇයට පුතුන් තුන් දෙනෙක් සහා දියණියක ලැබී තිබෙනවා.

සැමියෙකු නැති, වෘතියෙන් ගුරුවරියක වන ඇය මෙයට පෙර වැඩි දෙනාගේ අවධානයට ලක් වුනේ වයස අවුරුදු 55 දී දියණියක ප්‍රසුත කල නිසයි.

කෙසේ වෙතත් ඇගේ කුස තුල එක් කළලයක් නොව කළල හතරක්ම වැඩෙන බව දැනගත් එක් වෛද්‍ය වරයෙකු ඇයට ඉන් එකක් හෝ දෙකක් ගබ්සා කරන ලෙස දැනුම් දුන්නද එය ඉටු කිරීම ඇනාග්රේට් ප්‍රතික්ෂේප කර ඇත.

සති 26 කින් උපත ලැබූ මේ දරුවන් හතර දෙනා මේ වන විට නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබනවා. කෙසේ වෙතත් වයස 21 දී තම පළමු දරුවා ප්‍රසුත කල ඇය දරු ප්‍රසුතියක් සිදු කල ලොව වයස්ගතම කාන්තාව නම් නෙවයි.

ඒ වාර්තාවට හිමිකම් කියන්නේ ඉන්දියාවේ රාජෝ දේවි ලෝහන් විසිනුයි. ඒ වයස අවුරුදු 70 දී සිය කුළුඳුල් දරු උපත සිදු කල බැවින්. ඇයගේ දියණිය නවීන් මෙම වසර අගදී 7 වන වියට පා තබන්නිය.