FAST NEWS

24×7 Around the Globe

සැලී කුණාටුවෙන් ඇමරිකාවේ ලක්ෂ 5 කට විදුලිය නැතිවෙයි

(ෆාස්ට් නිව්ස් | ඇමරිකාව) – සැලී සුළි කුණාටුව හේතුවෙන් ඇමරිකාවේ ලක්ෂ 5 කට අධික පිරිසකට විදුලිය විසන්ධි වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.    

පැයට කිලෝමීටර 169 ක වේගයකින් හමා යන මෙම සුළි කුණාටුව හේතුවෙන් ෆ්ලොරිඩා සහ ඇලබාමා ප්‍රාන්තවල ජලගැලීම්ද වාර්තා විය.

සුළි කුණාටුවත් සමඟ ෆ්ලොරිඩා ප්‍රාන්තයට මිලිමීටර 762 ක වර්ෂාපතනයක් ඇද හැලී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා පවසයි.