FAST NEWS

24×7 Around the Globe

නවීන් හිතුවක්කාර වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා තිකුවක්කර තීරණයක් ගෙන ඇති බව වාර්තා වෙයි.

ඒ එජාප පක්ෂ මූලස්ථානය වන සිරිකොතේ පිහිටුවා පිහිටා තිබූ ඔහුගේ කාර්යාලයේ ලිපි ගොනු සියල්ල ඉවත් කරගෙන යාමටය.

ඊයේ(15) පස්වරුවේ තම හිතවතුන් පිරිසක් සමග එහි පැමිණි හිටපු මන්ත්‍රීවරයා මෙසේ ඔහුගේ ලිපිගොනු ඉවත් ගොස් ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට ආසන්තම හේතුව වන්නේ රුවන් විජේවර්ධන මහතා පක්ෂයේ නව නියෝජ්‍ය නායක ධුරයට පත්වීම බවද වාර්තා වේ.

නවීන් දිසානායක මහතාද එජාප පක්ෂ නායකත්වය බලාපොරොත්තුවෙන් සිටි අයෙකි.