(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නිවාස අධිකාරියට අයත් ආයතනයක මුල්‍ය අංශයේ ප්‍රධානියෙකු තරුණියකට තමන් සමඟ යාමට පැමිණෙන ලෙස බලපෑම් කරන ආකාරයේ දර්ශන ඇතුලත් වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
රජයේ ඉහළ නිලධාරියෙක් වන ඔහු තමාගේ දියණියගේ වයසේ තරුණියකට මෙලෙස බලපෑම් කරන බව මෙම වීඩියෝව නැරඹීමේදී පෙනී යයි.
මෙලෙස එම පුද්ගලයා මෙම තරුණියට තමන් සමඟ මෝටර් රථයේ යාමට එන ලෙස නිරන්තරයෙන් බලපෑම් කරන බව මෙයින් පැහැදිලි වේ.









