FAST NEWS

24×7 Around the Globe

උපාධිධාරී පුහුණුව සඳහා ව්‍යාපෘති සැකසීමේදී අවධානය යොමුකළ යුතු කරුණක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  නවක අභ්‍යාසලාභී උපාධිධාරී පුහුණුව සඳහා ව්‍යාපෘති වාර්තා සැකසීමේදී පහත සඳහන් ලේඛනය කෙරෙහිද අවධානය යොමුකිරීම වැදගත් වනු ඇත. 

ජනාධිපතිතුමන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ (Vistas of Prosperity and Splendour) ප්‍රතිපත්ති ප්‍රකාශයට සමගාමීව රාජ්‍ය අංශයට බඳවා ගත් උපාධිධාරීන් 50,000 ක් වෙනුවෙන් ජනාධිපතිතුමන්ගේ උපදෙස් ප්‍රකාරව, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත යුධ හමුදාව විසින් දියත් කරනු ලබන පුහුණු වැඩසටහන ඊයේ (14) දිවයින පුරා ස්ථාපිත ආරක්‍ෂක සේනා මූලස්ථාන, රෙජිමේන්තු මධ්‍යස්ථාන, යුද්ධ හමුදා ඒකක සහ පුහුණු පාසල්හිදී ආරම්භ කරනු ලැබීය.