කොරෝනාවෙන් පසුවත් පාඩමක් ඉගෙන නොගත් චීනය [PHOTOS]

කොරෝනාවෙන් පසුවත් පාඩමක් ඉගෙන නොගත් චීනය [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  නව කොරෝනා රෝගය ආරම්භ වූයේ යැයි සැලකෙන්නේ චීනයේය.

චීන වැසියන්ට මෙම රෝගය වැළඳීමට හේතුව නිශ්චිතව සොයා නොගත්තද සත්ව ආහාර අධික ලෙස හනීම බවට සැකයක් මතු විය.

එය එසේ නොවුණද කොරෝනා රෝගීන් පණ ඇදෙමින් මියැදෙන ආකාරය දුටු පසුව වත් එරට ජනතාව ඉන් පාඩමක් ඉගෙන ගෙන නැත.

සත්ව හිංසාව යනු අප අදහන ආගමය අනුව විශාල පාපකර්මයකි.

මේ දින වල චීනයේ මාර්ග අයිනේ, ඉබ්බන්, කැස්බෑවන් සහ කටුස්සන් වැනි සජීවී සතුන් වර්ණවත් දියරවලින් පුරවා ඇති ප්ලාස්ටික් බෑග්වල මුද්‍රා තබා කීටැග් සහ ජංගම දුරකථන ආභරණ ලෙස විකුණන බව විදෙස් වාර්තා පවසයි.

ජීවීන්ට වඩා භාණ්ඩ ලෙස සලකනු ලබන මෙම සතුන්ට, මිනිසුන්ගේ හුදු විනෝදාස්වාදය සදහා අවසානයේ තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වන අතර එක් කීටැගයක් ඇමරිකානු ඩොලර් 1.50 ත් 4.00 අතර මුදලකට චීනයේදී අලෙවි කරනු ඇත.

CNN මාධ්‍යජාලය මේ සම්බන්ධව කළ වැඩසටහනකදී මෙම සජීවී සත්ව කීටැග් අලෙවිකරුවෙක් පවසා ඇත්තේ “ඇසුරුම තුළ මෙම සතුන්ට අවශ්‍ය ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ අඩංගු බවයි”.

නමුත් සත්ව උපදේශකයින් මෙම ප්‍රකාශයට විරුද්ධ වන අතර, පෝෂණය හා ඔක්සිජන් නොමැතිකම ඉක්මනින් සතුන් මරා දමන බව පවසා තිබේ.

අවංකවම, ප්ලාස්ටික් බෑගයක සතෙකු දිගු කලක් ජීවත් නොවන බව වටහා ගැනීමට ඕනෑම මෝඩයෙකුට වැටහේ.

නමුත් අවාසනාවකට මෙන්, චීනයේ මෙවැනි සතුන් සදහා සත්ව සුභසාධන නීති තවමත් ක්‍රියාත්මක නොවේ.

මෙම කීටැග්වලට සජීවී සතුන් යොදා ගැනීමට එරෙහිව සතුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධව කටයුතු කරන සංවිධාන විසින් මහජන පෙත්සමක් ලෝකය පුරා අත්සන් කිරීම මේ වනවිටත් ආරම්භ කර ඇති බව වර්තාවේ.

CATEGORIES

COMMENTS

Wordpress (0)