භාවිතයට නොගන්නා රාත්‍රී ඩේටා වලට විසඳුමක්

භාවිතයට නොගන්නා රාත්‍රී ඩේටා වලට විසඳුමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ජංගම දුරකථන භාවිත කරන්නන්ගේ රාත්‍රී කාලයේ භාවිතයට නොගන්නා ඩේටා සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වෙයි.

ඊට ගෙවීම සම්බන්ධයෙන් ප්‍රායෝගික විසඳුමක් ලබා ගැනීම පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අවධානය යොමුවී තිබේ.

රාත්‍රී කාලයේ භාවිතයට නොගන්නා ඩේටාවලට ගෙවීම සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත දිගින් දිගට ම ලැබෙන පැමිණිලි හේතුවෙන් ඒ සම්බන්ධව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අවධානය යොමුව ඇති බවත්, ඒ වෙනුවෙන් ප්‍රයෝගික විසඳුමක් සෙවීමට කටයුතු කරන බවත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

දහවල් කාලයේ ඉන්ටර්නෙට්හි පවතින තදබදය අවම කර ගැනීම සඳහා පාරිභෝගිකයා පෙළඹවීමට මෙලෙස රාත්‍රී කාලයේ සහ දහවල් කාලයේ ලබා දෙන ඩේටා ප්‍රමාණයේ වෙනසක් කර ඇති බව ද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේ වුව ද බොහෝ දෙනෙකු භාවිතයට නොගන්නා රාත්‍රී ඩේටාවලට ගෙවීම සම්බන්ධයෙන් ප්‍රායෝගික විසඳුමක් ලබා දීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අවධානය යොමුව ඇති බව එහිදී ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

CATEGORIES

COMMENTS

Wordpress (0)