FAST NEWS

24×7 Around the Globe

තෙල් පැල්ලම හේතුවෙන් ජපාන නෞකා සමාගමකින් මොරිෂස් දිවයිනට ඩොලර් මිලියන 9.4 ක්

(ෆාස්ට් නිව්ස් | මොරිෂස්) – අනතුරට ලක්වූ සිය තෙල් නෞකාවක් ඉන්දීය සාගරයේ ඇති කළ තෙල් පැල්ලම හේතුවෙන් ජපාන නෞකා සමාගමක් විසින් එහි බලපෑම සිදුවූ මොරිෂස් දිවයිනට ඩොලර් මිලියන 9.4 ක මූල්‍යාධාර සැපයීමට එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.   

බොරතෙල් ටොන් 4,000 ක් එම්.වී. වකෂියෝ ඉන්ධන නෞකාව පසුගිය ජූලි 25 වනදා මොරිෂස් වෙරළට ඔබ්බෙන් මුහුදේදී අනතුරට ලක්විය.

ඉන් තෙල් ටොන් දහසක් පමණ සමුදුරට එක්වන්නට ඇතැයි විශ්වාස කෙරේ.

මිට්සුයි ඕ එස් කේ නෞකා සමාගම ඉදිරි වසර කිහිපය තුළ මෙම මූල්‍යාධාරය ලබාදෙන්නේ තෙල් කාන්දුවෙන් එහි සමුද්‍රීය පරිසරයට සිදුවූ හානිය ප්‍රතිෂ්ඨාපනය කිරීමටයි.