එළඹෙන ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ පලමු තරග කිහිපය සඳහා නවසීලන්ත නායකත්වය ටිම් සවුතිට හිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.
ඔස්ට්‍රේලියා අගමැති කණ්ඩායමට එරෙහිව එක්දින තරගයක් සහ තුන් දින තරග 2 ක් පැවැත්වීමට නියමීතව ඇත.
හිටපු නවසීලන්ත ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු වන ක‍්‍රිස් කෙයාන්ස් ට එරෙහිව පැවැත්වෙන පරීක්ෂණයකට සාක්ෂි ලබාදීම සඳහා නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම් මේ දින වල එංගලන්තයට ගොස් සිටියි.
නවසීලන්තය සහ ඔස්ට්‍රේලියා අගමැති කණ්ඩායම අතර පළමු එක් දින තරගය රෝස පැහැති ක‍්‍රිකට් පන්දුව යෝදාගෙන පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ.
තරගාවලියේ පළමු ටෙස්ට් තරගය සඳහා මැකලම් කණ්ඩායමට එක් වන බව නවසීලන්ත පුහුණූකරු මයික් හෙසන් ප‍්‍රකාශ කර ඇත.
කණ්ඩායම් 2 ක අතර ටෙස්ට් තරග 3 ක් මෙම තරගාවලියේදී පැවැත්වීමට නියමීතය.






