FAST NEWS

24×7 Around the Globe

මෙරටින් මෙතෙක් නොඇසූ ප්ලාස්ටික් බිත්තර දැන් කෑම වලත්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ප්ලාස්ටික්වලින් නිපදවන ලද කෘතීම බිත්තර යොදා කෙටි කෑම පිළියෙල කළ වවුනියාව නගරයේ පිහිටි හෝටලයක් වටලයි.

වව්නියාව නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් එම ස්ථානය වටලා එහි හිමිකරුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ.

මෙම හෝටලයෙන් බිත්තර රෝල්ස් ඇණවුම් කොට එය ආහාරයට ගත් පාරිභෝගිකයකුට ඊට දමා ඇති බිත්තර රසය පිළිබඳව සැකයක් මතු වී ඒ ගැන හෝටල් හිමියාට දැනුම් දී ඇත.

නමුත් ඔහු ඒ පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදැක්වීම නිසා පාරිභෝගිකයා මේ සම්බන්ධයෙන් වවුනියාව නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දීමක් කර තිබේ.

පසුව වහාම මේ හෝටලයට පැමිණි සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් හෝටලය පරික්ෂා කිරීමේදී ආහාරවලට යොදා ඇත්තේ කෘත්‍රිම බිත්තර බව හෙළි වී ඇත.

සිතා මතාම මෙවැනි දේ කරන ව්‍යාපාරිකයින්ට දිය හැකි උපරිම දඬුවම  ලබා දිය යුතු බව අප අවධාරණය කරන්නේ මෙවැනි වස මිනිසුන්ට කෑමට දී ඔවුන් මුදල් සොයන්නේ නොමැරෙන මිනිසුන් ලෙස සිතා ගෙනද?

දෙමාපියනි ඔබේ දරුවන්ට හෝටල් වලින් ආහාර ලබාදීමට පෙර ඒ ගැන දෙවරක් නොව දහස් වරක් සිතා බලන්න.