FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ කොරෝනා රෝගීන් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ගතවූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් 96,551ක් වාර්තා වී තිබේ.

ඒ සමඟම ඉන්දියාවේ සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 45 ලක්ෂය ඉක්මවා ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

එමෙන්ම ගතවූ පැය 24 තුළ තවත් කොරෝනා මරණ 1,209ක් ඉන්දියාවෙන් වාර්තාවී ඇත. ඒ අනුව එරට කොරෝනා මරණ සංඛ්‍යාව 76,304 දක්වා ඉහළ ගොස් තිබේ.