FAST NEWS

24×7 Around the Globe

ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රචාරක ව්‍යාපාරයට සයිබර් ප්‍රහාරයක්

(ෆාස්ට් නිව්ස් | ඇමෙරිකාව) – නොවැම්බර් 3 වනදා පැවැත්වීමට නියමිත ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රචාරක ව්‍යාපාර ඉලක්ක කරගෙන සයිබර් ප්‍රහාරක් එල්ල වෙයි.

රුසියානු, චීන සහ ඉරාන හැකර්වරුන් විසින් එල්ල කළ මෙම සයිබර් ප්‍රහාර සාර්ථකව ව්‍යර්ථ කිරීමට හැකිවූ බව මයික්‍රසොෆ්ට් ආයතනය ප්‍රකාශය කළේය.

ඔවුන් රිපබ්ලිකන් අපේක්ෂක ජනපති ට්‍රම්ප්ගේ මෙන්ම ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඞ්න්ගේ ප්‍රචාරක ව්‍යාපාර මෙහිදී ඉලක්ක කරගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

ජනපති ට්‍රම්ප් බලයට පත්වූ පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයේදීද රුසියානු හැකර්වරුන් සයිබර් ප්‍රහාර එල්ල කළේය.