FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකාවේ වර්ගවාදය යළි හිස ඔසවයි – 71 අත්අඩංගුවට

ඇමෙරිකා එක්සත් ජනපදයේ කළු සුදු ජාතික ගැටුම් ජාතික ගැටළුවක් ලෙස දිගු කලක සිට වරින් වර ඉස්මතු විය. පසුගිය වසර කිහිපය තුල එම තත්වය වැඩි වර්ධනය වෙමින් සුදු ජාතික පොලිස් නිළධාරිගේ වෙඩි පහරින් කළු ජාතික පුද්ගලයන් කිහිප දෙනෙක්ම ඝාතනය විය.එ විටින් විට සම්බන්ධයෙන් කළු ජාතිකයින් සිය විරෝධතාවයන් දැක්වීමට පියවර ගත්හ.

එසේම 2012 වසරේ කළු ජාතික යුවළක් මෝටර් රථයක් තුල සුදු ජාතික පොලිස් නිළධාරියෙකු විසින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් නඩු තීන්දුවක් ඊයේ (24) ලබා දුන් අතර එහිදී එම පොලිස් නිලධාරියාව අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

මෙම තීන්දුවෙන් කෝපයට පත් ඇමෙරිකානු කළු ජාතික පුද්ගලයන් ඇමෙරිකාව පුරා ප්‍රාන්ත රැසක උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කල අතර එහිදී ඇතිවූ නොසන්සුන් කාරී ගැටුම් නිසා කළු ජාතිකයින් 71 දෙනෙකු එරට පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කර සිට්යි.